වාරියගෙ ගෙදර යාම


වාරියගෙ ගෙදර යාම 


වාරියා මට  විශ්වවිද්‍යාල තුල හමුවූ අමුතුම චරිතයකි. අතිශයින් නිහඩ වාරියා ආශ්‍රය කලේ මිතුරු මිතුරියන් පස් හය දෙනෙකු පමණි. වාරිගේත් මගේත් හිතවත් කම ඇතිවුනේ අහම්බෙන්. මට අති දරුණුවට home sick තිබුන නිසා මම වැඩි කාලයක් කැම්පස් ආවෙ ගෙදර ඉඳන්.  ගෙදරින්  වැඩිය පරක්කු වුනොත් කැම්පස් යන්න අම්බානකට පරක්කුවෙන නිසා මම කුකුළ අතින් නෙවෙයි කටින්ම හපාගෙන තමයි ගෙදරින් පිටවෙන්නෙ. ඉතින් 6:30 වෙනකොට කොල්ල කැම්පස් එකේ.   එක දවසක්  ඔයවගෙ මහපාන්දර (ද ??) ගාට ගාට යනකොට ඔං  ඇහෙනව නිකං ක්‍රිෂ්ණගෙ විලාසෙන්  වස්දන්ඩක් පිඹින සද්දක් පැවිලියන් එක දිහාවෙන්. ඒක බොක්කටම වැදුන හින්දා මම පැවිලියන් එක දිහාවට කිට්ටු කලා. හත් ඉලව්වට ගහපි කලාබර (ඇත්තටම කලාබරයා කොහෙද ? දන්න ගොයියෙක් ඉන්නව නම් මට තෙළබණු නොම්මරේදුන්නොත් කුරුතඥ වෙනවා.) කිව්වලු මෙච්චර අලංකාරෙට බටනලාව මෙව්ව කරන්නෙ කළුම කළු වලස් මාමෙක් වගෙ ඩයල් එකක්නෙ. මම ෂේප් එකේ ලඟට ගිහින් වාඩිවුනා. මෙන්න බොලේ වලස් මමා බොහොම අස්පට් බැල්මක් දාල මියැසිය නැවැත්තුවා. "ලස්සනයි මචං භෛරවි එකක් නේද  ගගහ හිටියෙ" මම  ඇහුවා. වලස් මාමට ලාවට හිනාවක් ගියා. කථා නැතුවම වාදනෙ කොන්ටිනු කොරා. පැය කාලකට විතර පස්සෙ පොර වැඩේ නතර කරල යන්ඩ හදනවා." උඹට අවුලක් නැත්තං ගෙදරින් ගෙනා බත් එකක් තියෙනවා කමු ජිම් එකට ගිහින්". කැන්ටිමේ ගොඩහොදියි බතයි අපේ උන් කොටාබාන්නෙ කොච්චර අමාරුවෙන්ද දන්න හින්දාත් වලහ මගෙ හිතට අල්ලපු නිසත්  මම ඔෆර් එකක් දුන්නා. අපේ යාලුකම පටන් ගත්තෙ ඔන්න ඔහොමයි.
කැම්පස් Vacation  කාලෙටත් Special කරන අයට  වැඩ තියෙන නිසා අපේ ගැන්සිය  ඒකාලෙත් කැම්පස් එකේම තමයි. vacation කීපයක දීම මට නොට් වුනා  වාරියත් ගෙදරයන්නෙ නෑ. ඌ  special කරන්නෙත් නෑ. දවසක් හැන්දෑවක වාරියයි මායි බීර එහෙකට සෙට්වුනා. "උඹ ගිය නිවාඩුවට ගෙදර ගියෙ නෑ නේද බං ?මේ   සැරේත් යන්නැතෙයි ?". "චීනා, උඹ දන්නවද උඹයි මායි මෙච්චර fit වෙන්ඩ හේතුව ? අපි දෙන්නම අනෙක් උන්ගෙ ප්‍රරයිවට් එව්වා  හොයන්නෑ බං. මට උඹට මෙව්ව නොකිය ඉන්ඩ හේතුවක් නෑබං" කියල වාරියා උගෙ පවුලෙ විස්තර ටිකක් කිව්වා. අහගෙන හිටපු මට නිකං බොක්ක දාල ගියා වගෙ වුනා. ඌට සාපේක්ෂව මට කිසිම ප්‍රශ්නයක් තිබිල නෑ කියල මට හිතුනා. ඌ තාමත් කියවනවා .."මම ගෙදර ගියොත් කොච්චර එපා කීවත් අපෙ අම්මා අහන්නෑ ණය වෙලා දෙවේලක් වත් ගෙදර බත් උයනවා. මම ආවට පස්සෙ උන්දෑ දෙගුණයක් වැඩකරනවා ණය ගෙවන්න. මෙහෙදි කැන්ටිමේ මාතර මාමා උදේ දවල් කෑම දෙනවා රෑට පුලුවන් වුනොත් ඔය මොනව හරි කනවා. මෙහෙ මට නිදාගන්න මෙට්ටයක් දාපු ඇඳක්, නෙටෙකක් තියෙනවා, දාඩිය දානවට හොස්ටල් කාමරෙ ෆෑන් එක තියෙනවා, ගෙදර ගියාම බිම පැදුර දාගෙන නිදියන්නෙ මදුරුවො තලතලා. උඹ මට කියපන්, උඹ මම වුනානම් උඹ ගෙදර යනවද? කට්ටකාගෙන හොස්ටල් එකේම ඉන්නවද?...

මේවගෙ ලෝකයක Night club යන්ඩ උසාවියෙන් අවසර ඉල්ලන උන්, ගාලු පාර වහලා කාර් රේස් පදින් උන් එහෙමත් ඉන්නවා කියල අමතක කරන්න එපා.

23 comments:

  1. පව් වාරියා... ඔයා ලින්ක් එක දුන්නේ නැත්නම් දකින්නේ නැහැ බ්ලොග් එක,, දිගටම ලියමු,,,

    ReplyDelete
    Replies
    1. වාරියට දැන් සරුයි tution master කෙනෙක් වෙලා. ඌ කවදාවත් බ්ලොග් එක බලන එකක් නෑ. ඒ කලෙ ඉඳලම ඌට පරිගනක භීතිකාව තියෙනවා.

      Delete
  2. ජේද වෙන්කරලා ලිවුවනම් කියවන්න තවත් පහසුයි,,, ගැජට් වලට ගිහින් blogger ෆලොවර් ගැජට් එක දාගන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් බ්ලොගර් ෆලෝවර් එක දාන්න

      Delete
    2. කමෙන්ට් ලෛා් කරන්ඩ බැරි ලෙඩක් මට ආවා , ඔමාය පොඩ්ඩක් ඒ හෙම වෙන්නේ ඇයි කියල හොයහං ..මට තේරෙන්නේ නැ

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ජේද වෙන් කිරීම????? මම කිව්වෙ මම කවදාවත් රචනයක්වත් හරියට ලියල නෑ කියල. මම ඉස් ඉසෙල්ලම ඉංගිරිසියෙන් හොලි ක්‍රොස් එකේ ගැණුලමයෙක්ට ලියපු ලියුමෙත් වැරදි හදලා ආපහු එවල තිබුණා.
      අපේ සිංහල මැඩම් මට කිව්වෙ "ඕයි තමුසෙලගෙ ටොයිලට් එකවත් ආදර්සෙට ගන්නවකො ඒකෙත් මුත්‍රා කරන්නයි මලපහ කරන්නයි වෙනම තැන් තියෙනව නේද? කියල.
      ස්තුතියි අපූර්විටයි අටම්ටයි දෙන්නටම, අයෙ ලියනකොට මම ඒක අවධානයට ගන්නම්. ඔන්න අර ගැජට් කෑල්ලත් අමුනුවා.

      Delete
    5. ඔව් අයියේ මටත් අවා,, මේ පෝස්ට් එකේ විතරයි හැබැයි

      Delete
  3. ඔමාගෙ බ්ලොගේ ලින්ක් එක හරහා ආවෙ.. ෆලෝ කොරන්න කෑලි අමුනගනින්..
    මට බ්ලොග ලියන්න පටන්ගන්න වෙලාව ලැබුන විදිහටමයි උඹටත් ලැබිල තියෙන්නෙ... ජයවේවා..!!! දිගටම ලියමු අපි.

    ReplyDelete
    Replies
    1. ටැංකූ මචං කොමෙන්ට් එකට. අඩුම තරමෙ මට උඹල වගෙ එල සැට් එහෙක ලින්ක් ටික හරි ලැබුනනෙ මේ වැඩෙන්. ජීවිතෙ මෙහෙම තමයි බං. අමාරුවෙන් කට්ටකාගෙන දත් හපාගෙන තරමකට නැගිටිනකොට මට්ටං වෙන්ඩ ගහනවා. අපිත් ගේමට ගේම කියල වෙනම පාරකින් ටර්ගට් අචීව් කොරන්ඩ පටන් ගන්නවා.කොයිවෙලාවෙ හරි හුස්ම ටික යනකල් ඔය දෙක මාරුවෙවී තියෙනවා.

      Delete
  4. අපේ බ්ලොග් දර්ශකයට එකතු කරන්න මේකේ ලින්ක් එකත් අපට එවන්න. අපේ සින්ඩියට පහතින් පිවිසිය හැකියි.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දැණුම් දීමට ස්තුතියි.මම ලින්ක් එක mail කලා.

      Delete
  5. මමත් මේකට ආවේ ඔමාගේ බ්ලොග් එකට දාපු කමෙන්ට් එක හරහා.
    ජීවිතේ කියනදේ දුක,සැප,කඳුල,හිනාව මැද්දේයන ගමනක්.ඒ දේවල් අපේ ජීවිතේට ලැබෙනකොට ජීවත් වෙන්න හේතුවකුත් කොහෙන්හරි අපිට ලැබෙනවා.වැඩිය හිතන්න යන්නේ නැතුව දිගටම ලියපන්.නවත්තන්න එපා.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. ගේම අතාරින්නෙ නෑ මචං. දිරියම් වුනාට බොහොම පිං

      Delete
  6. ඔමාගේ ලින්ක් එක හරහා ආවේ.හොඳයි .දිගටම ලියමු.මතලන්ගේ සින්ඩියට දාගන්න. කස්ටියට පහසුවෙයි ඔයාව හොයා ගන්න ෆ්ලලොවර් ගැජට් එක දාගන්න. බ්ලොග් ලියන අපි කියන fb page එකටත් join වෙන්න. දිගටම රැඳෙන්න.ජය !!

    ReplyDelete
    Replies
    1. උපදෙස් වලටත් දිරිගැන්වුමටත් ස්තුතියි

      Delete
  7. සුබ පතනවා මචෝ... දිගටම ලියන්න පුලුවන් වෙන්න ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාලගෙ දිරිගැන්වීම් ශක්තියක් වෙයිමට රැඳිල ඉන්න දිගටම

      Delete
  8. අටමගේ බ්ලොගේ දැකල ආවෙ.ඡේද වෙන්කරල ජස්ටිෆයි කරල හෙම ලස්සන කරල ලියන්න.සුබ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාලගෙ දිරිගැන්වීම් ශක්තියක් වෙයිමට රැඳිල ඉන්න දිගටම. දැන් බ්ලොග් පොස්ට් එකබලනකොට තමයි හිතෙන්නෙ එක අපිළෙවලයි කියලා. මම වැරදි හදාගන්නම්.

      Delete
  9. ස්තුතියි ඔයාලගෙ දිරිගැන්වීම් ශක්තියක් වෙයිමට රැඳිල ඉන්න දිගටම. දැන් බ්ලොග් පොස්ට් එකබලනකොට තමයි හිතෙන්නෙ එක අපිළෙවලයි කියලා. මම වැරදි හදාගන්නම්.

    ReplyDelete
  10. වාරියා තාම බටනලා වාදනය කරනවද? මම ආසම හඬක්..
    ඒ වගේ දුක් විඳින් මිනිස්සු සෑහෙන්න ඉන්නවා..ඒ අතරේ සැප උපරිම විඳින මිනිස්සුත් සෑහෙන්න ඉන්නව...ඔය අතරේ දුක් සැප දෙකම අඩුවැඩි වශයෙන් විඳින උනුත් ඉන්නවා..ඒ සංයුතිය හින්දා ලෝකේ ඒකාකාරීත්වය නැතිවෙනවා..මම නම් කැමති තියෙන එකාට වෛර කරන්නේ නැතුවත් නැති එකා හෙලා දකින්නේ නැතුවත් තමන්ගේ දියුණුවකට මහන්සි වෙන එකා හොඳ මිනිහෙක් කියලා..මම හිතන්නේ එක අතකට වාරියාත් එහෙම වෙන්න ඇති කියලා...

    ReplyDelete
  11. කාලයක් අත් ඇරල තිබුන සංගීතෙ ඒ කාලෙ අපි හැමෝම මහන්සි වුනෙ ජීවිතෙ ගොඩදන්න පස්සෙ කාලෙක ආයෙ පටන්ගත්තා. ඔයා කියපු දේ හරියටම හරි වාරියා වචනෙන් කියන්න බැරි තරම් අපූරු මිනිහෙක් මම එක දෙයක් කියන්නම් එකෙන් හිතාගන්නකො.පෙරුම් පුරල පුරල ගත්ත අලුත්ම වාහනේ උකස්කරල ඒ සල්ලි තව කෙනෙක්ගෙ ජීවිතෙ බේරගන්න දීපු එකෙක් තමයි වාරියා.

    ReplyDelete