Sunday, 7 June 2015

ඔබට ස්තුතියි

වසර දෙකක අලකලංචි රාශියකට පසු නිවන් සැප බලාපොරොත්තුවෙන් සිටි චීනාට ජීවත් වීමේ භාග්‍ය ලැබුනේය. එපමණක් නොව යලි ලංකාව බලා පියාසර කිරීමේ අවසරයද ලැබිණි.

 ඒත් ගෙදර ආවිට චීනාට තරු පෙනිනි. හාමිනා විසින් අර ෆිල්ටර මේ ෆිල්ටර අටවන ලද isolated රූමයක් තුල චීනා සිරකරන ලදී. ඒ වයිරස හා බැට්ටීරියා ඉන්ෆේක්ෂන්ද මොනවද වලක්වන්නට කියලා උන්දෑ කියනවාය.   හාමිනාගේ අවසරයකින් තොරව මේ කාමර කෑල්ලෙන් එලියට බහිනවා බොරුය.

 රවුටර, සර්වර එක්ක ඔට්ටු වුනු චීනා දන්න බැට්ටීරියාවක් නැතත් හාමිනා ඒ ගැන දන්න නිසා චීනා සද්ද වහලා ඉන්නට හිත හදා ගත්තාය.(මේ ගැන චරුචුරු ගාන විට "බක පණ්ඩිතකම් කරලා ආයෙත් අර කෙල්ලට වදනොදී හිටපං" කියලා චීනාගෙ මවුතුමියද ඉතා සෙනෙහෙබරිතව රවමින් නිවේදනයක් නිකුත් කොලාය).

 ඉස්සර චීනා ඉතා කැමැත්තෙන් කළ වලං හේදීම, බබාලා බැලීම, කඩේ යාම සපුරා තහනම්ය. කටේ තියන්ඩ බැරි ඉස්පෙසල් කෑම ද, අනෙකුත් සියලු භාණ්ඩ හා සේවාවන්ද හාමිනා හා මවුතුමිය විසින් ඉතා ආදරෙන් ඇඳ ලඟටම සපයන බැවින් ශරිර කෘත්‍ය සඳහා පමනක් කාමරෙන් එලියට යාමට ඉඩදෙනු ලැබේ. ඒ ද මුඛවාඩමක් බැඳගත්තාට පසුවය. මදෑ කොලා !


රෝහලේ අවසාන දින වල

නීති රීති අට්ටෝ රාශියක් තිබුනත් මේ ආකාරයට හරි ජීවත් වෙන්ඩ ලැබීම මැරෙනවාට වඩා හොඳය. මැරුනට පසු දිවිය ලෝකෙ යන්ඩ චීනා හිතාගෙන හිටියත් මැරෙන එක පනයන වැඩක් බව පහුගිය කාලේ චීනට වැටහුනේය. ඒ හින්දා මෙහෙම හරි පන පිටිං හිටීම මහත්ම පිරිතියකි. මරණයට පියවර කීපයකට නොඅඩු දුරකට පැමිණි චීනා ඒ නිසාවෙන්ම අවබෝධ කරගත් දෑ බොහොම වුනත් එව්වා පරසිද්ධ මාද්දියක නොකිවමනා බව  චීනාගේ හැඟීමය. 

ඒ කෙසේ වෙතත් චීනාගෙ පණ කෙන්ද බේරාගැනීමට එකී මෙකී නොකී හැම ආකාරයෙන්ම උදව් පදව් කළ සියලු දෙනාට චීනා මෙයින් කෘතඥතා පූර්වක ඉස්තුතිය පලකර පුණ්‍යානුමෝදනා කරනවාය.

8 comments:

  1. ඔයා ඉක්මනට සනීප වෙයි. ගෙදර අපු එක ගැන සතුටු වෙන්න,, ඉස්සරහට හැමදේම හරියාවි පරිස්සම් වෙන්න, හාමිනේ ඔක්කොම නීති දාලා හිර කරලා තියෙන්නේ ඔයාව බේරගන්න නිසානේ,, ඉක්මනට සනීප වෙන්න,,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අපූර්වි. සතුටුයි නැවත සම්බන්ධවීම ගැන

      Delete
  2. නිරෝගි සැප හැර වෙන සැපයක් ලොවේ කොයින්දා?

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ. විඳපුවම තමයි හරියටම තේරුම් ගියෙ ඒ කතාව. කිචී සාදරයෙන් පිලිගන්නවා. චීනගෙ වතට.

      Delete
  3. ඔබ ඉක්මනින් සුවපත් වේවා යයි පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඔබ වැන්නෙකුගෙ ආශිර්වාදය ඉතා වටිනවා.

      Delete
  4. මචෝ.. සංතෝසයි ගෙදර ඉන්නෙ කිව්වම.ඒකම ඇති ලෙඩ හොඳ වෙන්න.උඹට තව එකක් කියන්නම්.උඹ බ්ලොග පටංගන්න කාලෙම වගේ තමයි මමත් බ්ලොග අටවගත්තෙ.ඒ රෝද පුටුවක් උඩට වෙලා ඉඳගෙන.කකුල් හොඳ වෙලා ජොබටත් ආවා.ඒත් මචං ඩොකාල වැඩිහිටියො කියන දේත් අහන්න වෙනවා.මොකද ගස්ලබ්බ පණ්ඩිතකමට ජොබ කොරන්න ගිහිල්ල දැං ආයෙ හොඳට කෙලවගෙන ඉන්නෙ.එකෙක්ට උන දේ තව එකෙකුට වෙන්න ඕන නෑ.උඹ මුලින්ම බොහොම හොඳට පරිස්සම් වෙලා සුවපත් වෙයං.එතකන් වෙන දේවල් හිතන්නෙ නැතිව.ඉන්න ගමන් ලියපං... ඒකෙන් පුදුම සහනයක් ලැබෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ මචං, ගෙදර ඇවිත් මැරුණත් කමක් නෑ කියල හිතෙනවා. මේ වෙනකොට මට සෑහෙන්න හොඳයි. ගිය සතියෙ අවුරුදු 3 කට පස්සෙ ගෙදර කට්ටිය එක්ක එලියට බැහැල අනුරාධපුරේ ගියා. ඔයා කිව්ව වගේ අම්බානකට පරෙස්සම් වෙන්න වෙනවා තමා. තව අවුරුදු 2ක් නිවාස අඩස්සියෙ ඉන්න වෙනව. මොන කෙහෙල්මල තිබුනත් වැදගත්ම දේ ජීවත්වෙලා ඉන්න එකනෙ මචං. අම්මයි, හාමිනයි කිවුවා ගෙදරට වෙලා හිටු අපි කන්න දෙන්නං කියලා. උඹට මොකද වුනෙ Infection එකක්වත් ආවද? පරෙස්සමෙන් හිටපං මට වගෙම උඹටත් විඳපුවා මතක ඇතිනෙ. මාව මතක තියාගෙන හිටියට ස්තුතියි මචං.

      Delete