Thursday 2 April 2015

බට කැපූ වග

චීනා චීනෙක් වුනෙත් ජීවිතේ ගොඩ දාගත්තෙත් චීනගෙ ඉස්කොලෙ හින්දාය(හැමදාමත් ලඟින් ඉන්න අපත කබ්බො ටික හෙවත් එක කුස උපන් යාළුවො ටිකත් එහෙන්ම තමයි.) ඕං ඉතින් ඒ කාලෙ එක අවුරුද්දක ඉස්පොර්ට් මීට් එකට නිවාස හෙවත් හවුස් හෙවත් හට් හදන්න අපේ ලොකු සෑර් අනුමැතිය දුන්නෝය. (( අපේ ඉතා යහපත් කල්ක්‍රියාව හේතු කොටගෙන පෙර වසර කීපයක් නිවාස හදන්ඩ එපා කියලා මුලු ගුරු මණ්ඩලේම   හරිම ආදරෙන් කියාහිටියේ ඒවා හදන ගමන් අහල පහල වතු සුද්ද කිරීම, ගල් බෝතල් වල ගල් ඉවත් කිරීම, හෝලික්‍රොස් හා රත්නාවලී පාසල්වල තාප්ප වර්ණගැන්වීම වැනි අටෝරාශියක් අමතර වැඩ කිරීමට අපි නිරපරාදේ මහන්සිවෙන එකට  දුකෙනි.)) 

අපේ නිවාසයේ භාණඩාගාරික තැන්පත් අජ්ජයියා (තැන්පත් කීවාට හැම අමන වැඩකම සිරා පාර්ට් එක ගොඩදාන්නෙ අජ්ජයියාය) ඉතා නොමසුරු පුද්ගලයෙකු වූ බැවින් හවුස් ෆන්ඩ් එකෙන් අපට ගල්ද මල්ද කොත්තුද අවශ්‍ය අනෙක් කළමනාද  ගැනීමට  ප්‍රතිපාදන ලබාදී තිබිණි.අපේ සෙට් එක ඉතිං අවශ්‍ය අඩුම කුඩුම ටිකත් අරගෙන ගිහින්  හවස  4ට විතර වැඩ පටන් ගත්තෝය. අපේ සිරා ක්‍රියේටිව් අයිඩියා අනෙක් හවුස් වල උන් කොපි කරන්නට ඉඩ ඇති බැවින් අපි මුලින්ම පොල් අතු පොලිතින් ආදියෙන් අපේ කොටහ වටකර ගතිමු.((නැතුව සර්ල මැඩම්ලට එහෙම අහිංසක අපි අහිංසක ආකාරෙට ගල් , මල් ආදියෙන් මහන්සිවී වැඩ කරනවා පේනවට නෙවීය.))
කොමිටල් ගොඩක් මැද අපි රෑ 11 විතර වෙනකල් වැඩේ සිරාවටම කරගෙන ගියා. ඕං හදිසියෙම ජායිංගේ ඇවිත් " කෝ බං පෙමයි කොටයි?" කියල අහපි.
  " මම උන් දෙන්න යැව්ව බට  ටිකක් කපාගෙන එන්ඩ. මේක සරසන්ඩ  .ඇයි අවුලක් ද ?" අදිකාරි අයියා කීවා.

 "මල  .......යි. ( කියවන ලමයි නරක්වීමට ඉඩ ඇති බැවින් අදාල වචනය කපා හරින ලදී.)" ඒකල දෙන්න නප්පියටම ගුලි කාල හිටියෙ. අපේ කාමරෙ දාගෙන මම හිටියෙ වැඩේ චොර වෙන හින්දා. මට බොඟක් සෙට් වුනා ඒ ටිකට මුං පැනල". 

"එහෙමට අවුලක් පෙනුනෙ නෑ බං. උන් ඔය ෂේප් එකෙ එයි".


12:30 වුනා තාමත් මුං දෙන්න නෑ . අපි පොඩි සර්ච් පාරක් දාන්න යන්න හදන කොටම ඕං ඩබල එනවා කරට අත දාගෙන හිනාවෙවී. එකෙක් පත මන්න පිහියකුයි අනෙකා ලොකු ෂොපිං මල්ලකුයි අරගෙන නාල වගෙ තෙමිල. අදි අයිය දැක්ක විතරයි  කොටා කපුවෙක් වගෙ ආවේශ වුනා.

 "මොකද්ද යකෝ මේ  ......රි  (ඕං ආයිත් කැපුවෝ)  වැඩේ. උඹල මෙතන එක්සෙකෙටිව් වැඩ කර කර අපිට දෙනවා ගූ වැඩ . අපේ අම්ම එහෙම දැක්කොත් අහයි මගෙ රත්තරං පුතාට උන් මොකද කලේ කියල(පුතා කැරට් 24 කියල පේනවනෙ)".

 හැමෝටම තේරුනා වැඩේ අවුල් කියල. මොකද අපි සාමාන්‍යයෙන් වැඩිහිටි අයට කුණුහරුපෙන් කතා කරන්නෙ නෑ . අදි අයියා වැඩේ ෂේප් කරනවා.

 " නෑ මල්ලී උඹල දෙන්න විතරයිනෙ ටිකක් මොළේ කල්පනා කරල වැඩක් කරන්නෙ. ඒකයි මම උඹලටම මේක බාර දුන්නෙ. මුං ටික තැනකට ගියොත් ගමයි පාසලයි දෙකම ඉවරයිනෙ බං."

   "බලහං අදි අයියෙ උඹට  විතරයි අපේ අගේ තේරෙන්නෙ අර   ....රි (හි හී නරක වචන) ජායියා  අපිව කාමරේට දාල වහල ගියේ ඕක හිතන්නැති අපිට  එලියට එන්ඩ බෑ කියල අහුවුනොත් බට කැපුවා වගෙ කපන්නෙ ඕකව."

  "අල්ලලා දාපං බන් උඹලට වගෙ මොළයක් නෑ නෙ ඌට.කෝ බං උඹල කපපු බට?.දාලා ආවද?" 

 " පිස්සුද බං අයියෙ මේ තියෙන්නෙ" 
පෙමා බොහොම ආඩම්බරෙන් අතේ තිබුණු ෂොපිං මල්ල බිමට හැලුවා එස්ලෝන් බට කෑලි, එල්බෝ කෑලි ගොඩක්  එතන. 

"මේ මොනවද බං?" 

"අයෙ නම් යන්ඩ බෑ අයියෙ. ඔය මේ වටේම ගෙවල් වල පාරෙ ඉඳන්  ඇතුලට යන බට. තාප්පවලින් ඇතුලට පැනල ඇතුලෙ බට කපන්න බෑනෙ බං මිනිස්සුන්ට ඇහැරෙනවනෙ. ඔය ටිකෙන් කරන මඟුලක් කරපන්."

අපිට වැඩේ මීටර් වුනේ එතකොටයි. මුන් දෙන්න බට කියල කපල තියෙන්නෙ පාරෙ ඉඳන්  ගෙවල් වලට යන වතුර බට.

මේ වැඩෙන් ගුටි නොකා බේරුණ හැටි ඊ ලඟ පොස්ට් එකෙන්................

6 comments:

  1. ඉතිං ඒ බට කෑලි ටික අරං සැරසිලි කළා නේද?

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මෝ පහුවදා උදේ ආපු සේනාවෙ හැටියට බට කෑල්ලක් වත් පේන්න තිබුණ නම් අපේ කෑලිත් ඒ කට්ටිය ගලවනවා.

      Delete
  2. මල් පවර් වැඩ..! ඇති ඔයින් ගියා.. ඇත්ත කියහන්.. ගුටි කෑවෙම නැද්ද?

    ReplyDelete
  3. නෑ මචං අජිත් අයියගෙ දග්ධ ගනයේ විද්ධ මොලේ හින්ද බේරුනා

    ReplyDelete
  4. මේ කියන්නේ බණ්ඩාරනායක ම.වි. වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. මුලින්ම සමාව ඉල්ලනවා පරක්කුවනාට උත්තර දෙන්න. වෙලාවක් තිබුනෙ නෑ බ්ලොග් එකට ගොඩවෙන්න. බණ්ඩාර නායක විද්‍යාලය තමයි අපේ පාසල

      Delete